289 views 0 secs 0 comments

රුසියාව ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට තීරණයක්…

In Tech, World News
July 27, 2022

2024 න් පසු තම රට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙන් ඉවත් වීමට සැලසුම් කර ඇති බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ නව අධ්‍යක්ෂ ජනරාල් යූරි බොරිසොව් සඳහන් කර සිටියා.

සෙසු හවුල්කරුවන් මෙන් රුසියාව ද හොඳ හවුල්කරුවෙකු බවත්, රුසියාවේ එම තීරණය සම්බන්ධයෙන් විමතියට පත්වන බවත් අමෙරිකාව පවසා සිටියා.

අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රකාශක නෙඩ් ප්‍රයිස් සඳහන් කළේ, දෙරටේ අභ්‍යවකාශ ඒජන්සි වසර ගණනාවක් පුරා පවත්වාගෙන ආ වෘත්තීය සහයෝගීතාව අවසන් කිරීමට තීරණය කිරීම පිළිබඳව කනගාටුවට පත්වන බවයි.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය සිදු කළ තීරණාත්මක විද්‍යාත්මක අත්හදා බැලීම් රැසක්, අමෙරිකාවේ සහ රුසියාවේ මූලිකත්වයෙන් සිදු කෙරුණ අතර අදාළ තීරණය, අමෙරිකා – රුසියා අභ්‍යවකාශ සබඳතාවයේ අවසානයක් නොවන බව රුසියානු අභ්‍යවකාශ ඒජන්සියේ ප්‍රධානියා ප්‍රකාශ කළේ ය.