
සෑහීමකට පත්විය හැකි සාර්ව ආර්ථික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරන තෙක් , ශ්‍රී ලංකාවට නව මූල්‍ය පහසුකම් සැපයීමේ සැලසුමක් නැති බවත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය වෙනුවෙන් ගැඹුරු ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ සිදුකළ යුතු බවත් නිවේදනයක් නිකුත් කරමින් ලෝක බැංකුව පෙන්වා දී සිටී.
එමෙන්ම ශ්‍රී ලංකාවේ අනාගත අභිවෘද්ධිය ඇති කර ගැනීම සඳහා ආර්ථික අර්බුදය ඇතිවීමට හේතූ වූ කාරණු හඳුනාගෙන ඒවාට පිළියම් යෙදිය යුතු බවද මෙම නිවේදනයේ සඳහන්..
ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදය සහ ඉන් ජනතාව පත්ව ඇති පීඩාව පිළිබඳව තම ආයතනය දැඩි අවධානයෙන් සිටින බව ද ලෝක බැංකුව පවසයි.