
පසුගිය වසරේදී චීනයේ ආර්ථික වර්ධනය 2.3%ක් ලෙස දැක්වුණි.
කොවිඩ් -19 වසංගතය හේතුවෙන් ලොව බොහෝ රටවල ආර්ථිකය ට දැඩි බලපෑම් එල්ලවුවද චීන ආර්ථිකය 2020දී වර්ධනය වී ඇති බව එරට නිල දත්ත උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය පවසයි.
කොවිඩ් වසංගතය හේතුවෙන් එරට සමහර ප්‍රදේශවල කටයුතු දැඩිලෙස අකර්මණ්‍ය විණි. එහෙත් සාර්ථක ලෙස කොවිඩ් පැතිරීම පාලනය කළ රටවල් අතුරින් චීනය ඉදිරියෙන්ම සිටී. 2020 වසරේ අවසාන කාර්තුවේදී එරට ආර්ථිකය 6.5%න් වර්ධනය වී තිබේ.