221 views 1 sec 0 comments

කොරියාවට ඇතුළුවීමට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් අවස්ථාව

In Local News, World News
November 12, 2021

නුදුරු අනාගතයේ දී කොරියාවට නව ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් ඇතුළුවීම නැවත ආරම්භ කිරීමට කොරියානු රජය තීරණය කර ඇති බව ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති Santhush Woojin Jeong මහතා අද නිවේදනය කළේය.
ඒ මහතා පැවසුවේ, ශ්‍රී ලංකාවෙන් පැමිණෙන නව සංක්‍රමණික සේවකයින් සඳහා කොරියාව එහි දොරටු විවෘත කරන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් නව විදේශ ශ්‍රමිකයන් කොරියාවට ඇතුළුවීම සීමා කර තිබුණු නමුත් මේ වන විට සෞඛ්‍ය මාර්ගෝපදේශ සපුරාලීමේ කොන්දේසිය මත ශ්‍රී ලාංකිකයින් ඇතුළු නව විදේශ ශ්‍රමිකයින් ඇතුළුවීම නැවත ආරම්භ කිරීමට කොරියානු රජය තීරණය කර තිබෙන බව තානාපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.