433 views 0 secs 0 comments

Covid රෙගුලාසි පිළිබඳ නව ගැසට් පත්‍රය නිකුත් කෙරේ

In Health, Local News
November 12, 2021

රැස්වීම්, ක්‍රියාකාරකම් සහ සිදුවීම් සඳහා අදාළ බලධාරීන්ගේ පූර්ව අනුමැතිය ලබා ගැනීම අනිවාර්ය කරමින් නිරෝධායන ආඥාපනත සංශෝධනය කරමින් නව ගැසට් නිවේදනයක් ප්‍රකාශයට පත් කර ඇත.
කොවිඩ් ආසාදිත ප්‍රදේශයක් තුළ හෝ ඉන් පිටත පවත්වනු ලබන රැස්වීමක්, ක්‍රියාකාරකමක් හෝ සිදුවීමක් සම්බන්ධයෙන් මෙම සංශෝධන සිදු කර ඇත.
ගැසට් පත්‍රයට අනුව, මුළු ශ්‍රී ලංකාව සඳහාම අදාළ අධිකාරිය විසින් කලින් කලට, එකී අධිකාරිය විසින් තීරණය කරනු ලබන කාල සීමාවක් සඳහා මේ සම්බන්ධයෙන් තීරණ ගත හැකිය.
ඔවුන්ට රැස්වන ස්ථානය, ක්‍රියාකාරකම්, සිදුවීම හෝ ඊට සමාන රැස්වීම් ස්ථානය සහ, සැකසීම, ව්‍යුහය හෝ එහි දළ සටහන තීරණය කළ හැකිය.
එවැනි එක්රැස් වන ස්ථානයට, ක්‍රියාකාරකම් සිදුවීමට හෝ ඒ හා සමාන රැස්වීම් ස්ථානයට සහභාගී වීමට අවසර දී ඇති උපරිම පුද්ගලයින් සංඛ්‍යාව හෝ, අවසර දිය හැකි ධාරිතාව හෝ සම්පූර්ණ ධාරිතාවයෙන් ප්‍රතිශතයක් පිළිබඳව අදාළ අධිකාරියට තීරණය කළ හැකිය.
නව රෙගුලාසි කඩ කරන ඕනෑම අයෙකුට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ගැසට් නිවේදනයේ දැක්වේ.