ගාසා තීරය සඳහා නව සාම සැලැස්මකට එකඟ වූ බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ප්‍රකාශ කර ඇත.
අදාළ සැලැස්ම පිළිගැනීමට හමාස් සංවිධානයට අනතුරු අඟවා ඇති අතර, එමගින් හමුදා මෙහෙයුම් වහාම නතර කිරීම යෝජනා කර තිබේ. තවද පැය 72ක් ඇතුළත ඊශ්‍රායල් ප්‍රාණ ඇපකරුවන් 20 දෙනෙකු නිදහස් කිරීමටත් සලස්වා ඇත.
එසේම අමෙරිකානු ධවල මන්දිරය හමාස් සංවිධානයට කරුණු 20ක් අඩංගු යෝජනාවක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
