
රුසියාව සහ යුක්‍රේනය අතර බෙලරුස් හි පැවති සාකච්ඡා ඊයේ (28) අවසන් කර දෙරටේ නියෝජිත කණ්ඩායම් සිය රටවල අගනගර බලා පිටත්ව ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
කෙසේ වුවද සාකච්ඡාව සම්බන්ධ නිල තොරතුරු කිසිවක් මාධ්‍යයට අණාවරණය කර නොමැති අතර දෙරට අතර දෙවන වරට සාකච්ඡාවක් පැවැත්වීම කෙරේ මෙහිදී අවධානය යොමුවී ඇති බවයි වැඩිදුරටත් සඳහන් වේ.