කාන්තා ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අද (30) ආරම්භ වන අතර මෙවර තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සංවිධානය කරයි.
සමාරම්භක උත්සවය ඉන්දියාවේ ග්වාති ක්‍රීඩාංගණයේ පැවැත්වෙන අතර පළමු තරගය ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සහ ඉන්දීය කාන්තා කණ්ඩායම අතර කෙරේ.
පළමු වටයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තරග 7කට සහභාගි වන අතර ඒ අතර තරග 2ක් ඉන්දියාවේදීත් තරග 5ක් ශ්‍රී ලංකාවේදීත් පැවැත්වේ.
අවසාන මහා තරගය නවැම්බර් 2 වැනිදා පැවැත්වීමට නියමිතය.
