25 views 0 secs 0 comments

රියදුරු බලපත්‍ර අලුත් කිරීමේ නව පද්ධතිය අද සිට..

In Local News
September 30, 2025

රියදුරු බලපත්‍ර අලුත් කිරීම සඳහා නව ක්‍රමයක් අද (30) සිට ක්‍රියාත්මක වන බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව නුගේගොඩ ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය මගින් තාවකාලික රියදුරු බලපත්‍ර නිකුත් කිරීම නියමු ව්‍යාපෘතියක් ලෙස ආරම්භ කර ඇති අතර, බලපත්‍රයේ වෙනස්කම් අවශ්‍ය නොවන්නේ නම් එය එම ආයතනයෙන් ලබාගත හැකිය.

අදාළ අයදුම්කරුවන් තාවකාලික බලපත්‍රය ලබාගැනීම සඳහා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයට පැමිණීම අවශ්‍ය නොවන බවද සඳහන් කරයි.