209 views 0 secs 0 comments

අගෝස්තු 1 වනදා සිට ඇරඹෙන පොදු පාසල් බස් රථ සේවාව…

In Uncategorized
July 29, 2022

පවතින ඉන්ධන අර්බුදය හේතුවෙන් අගෝස්තු පළමුවැනිදා සිට පාසල් ළමුන් ප්‍රවාහනය සඳහා හඳුන්වාදෙන නව බස් රථ සේවාව ක්‍රියාත්මක කරන බව ජාතික ගමනාගමන කොමිසම පවසනවා.

එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මෙරෙන්ඩා බස් රථ 40 ක් පමණ අගෝස්තු පළවනදා සිට සාමාන්‍ය ගාස්තුව යටතේ බස්නාහිර පළාතේ ක්‍රියාත්මක කරන බව සඳහන් කලා.

කොළඹ ප්‍රධාන පාසල් සහ ගම්පහ කළුතර හොරණ හෝමාගම මහරගම වැනි ප්‍රදේශවල තිබෙන ප්‍රධාන පාසල් සහ ඒ අවට ඇති අනෙකුත් පාසල්වල දරුවන්ගේ ගමන් පහසුව සැලසීමට මෙම ව්‍යාපෘතිය ආරම්භ කරන බවයි ඔහු සඳහන් කළේ.

අදාළ බස් රථ අංක සහ පිටත් වන වේලාවන් පහතින්,