60 views 0 secs 0 comments

ඩෙංගු හා චිකුන්ගුන්යා රෝග වසංගත තත්ත්වයට – වෛද්‍ය සංගමය

In Uncategorized
May 30, 2025

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝග දෙකම වසංගත තත්ත්වයේ පවතින බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය පවසයි.

වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතා සඳහන් කරන්නේ, මෙම රෝග දෙකම බෝවනේ එකම මදුරුවාගෙන් වන අතර මුල් අවස්ථාවේ රෝග ලක්ෂණ සමාන බවය.

අද පැවති කොළඹ දිස්ත්‍රික් ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමේදී සෞඛ්‍ය අංශ පෙන්වා දුන්නේ, බස්නාහිර පළාතේ කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් රෝගීන් වැඩි වශයෙන් වාර්තා වන බවයි.

මෙම වසරේ මේ දක්වා කාලය තුළ 23,300කට වැඩි ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති අතර 2009 වසරෙන් පසුව චිකුන්ගුන්යා රෝගීන් වැඩි වශයෙන් වාර්තා වීමද සිදුවී ඇත.