133 views 0 secs 0 comments

වත්මන් ගුවන් හමුදාපති විශ්‍රාම යෑමට සැරසෙයි..

In Local News
January 25, 2025

වත්මන් ගුවන් හමුදාපති එයාර් මාෂල් උදේනි රාජපක්ෂ මහතා එළැඹෙන 29වනදා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව තිබේ.

සේවා දිගුවක සිටින උදේනි රාජපක්ෂ මහතා එම ධූරයට 2023 වසරේ ජූනි මස තේරී පත් වූ අතර, මෙරට 19වන ගුවන් හමුදාපතිවරයාය.

වත්මන් රජය 2024 වසරේ දෙසැම්බර් 31 දිනෙන් පසු සේවා දිගු ලබා නොදීමේ ප්‍රතිපත්තිමය තීරණයක් ගත් අතර, ඒ හේතුවෙන් මෙලෙස වත්මන් ගුවන් හමුදාපතිවරයා ධුරයෙන් විශ්‍රාම යෑමට නියමිතව ඇත.

ඒ අනුව නව ගුවන් හමුදාපතිවරයා ලෙස එයාර් වයිස් මාෂල් වාසු බන්දු එදිරිසිංහ මහතා පත්කිරීමට නියමිතව තිබේ.

වත්මන් ගුවන් හමුදා සැලසුම් අධ්‍යක්ෂක ලෙස කටයුතු කරන එදිරිසිංහ මහතා 1991 වසරේ දී 24 වන බඳවා ගැනීම් කැඩෙට් නිලධාරියෙකු ලෙස ගුවන් හමුදා සේවයට එක්ව තිබේ.

1970 වසරේ මහනුවර දී උපත ලැබූ වාසු බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙත්තර විදුහලේ ආදි සිසුවෙකි.