200 views 0 secs 0 comments

ජපන් රැකියා ලබා දෙන බව පවස මුදල් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට…..

In Local News
July 11, 2021

ඊයේ (10) දහවල් නවගමුව පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ජපනයේ රැකියා දෙන පවසා මුදල් වංචා කළ කාන්තාවක් කඩුවෙල අධිකරණයට කරුණු වාර්තා කර සිදුකළ විමර්ශනවලින් අනතුරුව නවගමුව, බටේවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට පත් කාන්තාව වයස අවුරුදු 49ක් වු දෙහිඕවිට ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර මුදල් රු 361,000 ක් හා රු 485,500 ක මුදලක් වංචා කළ බවට ඇයට එරෙහි ව පැමිණිලි ලැබී ඇතැයි පොලීසිය පවසයි. එමෙන්ම සැකකාරිය සන්තකයේ තිබී විවිධ පුද්ගලයින්ගේ විදේශ ගමන් බලපත්‍ර 4ක් සොයා ගෙන තිබේ.

සැකකාරියට විරුද්ධව විවිධ අධිකරණවල නඩු 32ක් හා එම අධිකරණ මඟින් නිකුත් කර ඇති වරෙන්තු 17ක් පමණ ඇති බව අනාවරණය වී ඇත. සැකකාරිය අද (11) කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.