248 views 0 secs 0 comments

ප්‍රදේශ දෙකක ඝාතන දෙකක්….

In Local News
December 27, 2021

මට්ටක්කුලිය, පොකුණුවත්ත ප්‍රදේශයේදී මත්පැන් සාදයක් අවසානයේ ඇති වු සිදුවීමක් මුල්කර ගනිමින් පුද්ගලයින් දෙදෙනකු පිහියකින් ඇණ අවුරුදු 22ක තරුණයෙක් ඝාතණය කර තිබේ. ඝාතනය සිදුකළ සැකකරු හඳුනාගෙන ඇති අතර ඔහු මේ වනවිට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව පොලීසිය පැවසී ය.

එමෙන්ම පුනරීන් ගෞතාර්මුණි කළපු තීරයේදී තරුණයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.එහි කළපු තීරයේදී දියනාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු අතර බහින් බස්වීමකින් අනතුරුව හටගත් ගැටුමක් වැළැක්වීමට පැමිණි පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන ඝාතනය කර තිබේ.

මියගොස් ඇත්තේ 22 හැවිරිදි සෝමසුන්දරම් ප්‍රදේශයේ තරුණයෙකි.

සැකකරු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පැවසී ය.