
ඔස්ට්‍රේලියාවේ බටහිර සිඩ්නි හි වැඩිහිටි සත්කාරක මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයෙකු ඔමික්‍රෝන් නව කොවිඩ් ප්‍රභේදය හේතුවෙන් මරණයට පත් වී තිබේ. එය ඔස්ට්‍රේලියාවේ පළමු ඔමික්‍රෝන් මරණය ලෙස වාර්තා වේ.
අදාළ පුද්ගලයාට කොවිඩ් වෛරසය ආසාදිත වී දින කිහිපයකට පසුව ඔහුට වැළදී ඇත්තේ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදය බවට හඳුනාගෙන තිබුණි.
රෝගී තත්ත්වය උත්සන්න වීමෙන් අනතුරුව ඔහු අදාළ සත්කාර මධ්‍යස්ථානයෙන් දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා කොවිඩ් මර්දන එන්නත්කරණය සම්පූර්ණ කළ අයෙකු බවද විදෙස් වාර්තා සඳහන් කළේය.