Connect with us

world-news

මීළඟ පාප්වරයා තෝරාගැනීමේ Conclave මැයි 07 වෙනිදා….

Published

on

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවයෙන් පසුව හිස්වූ පාප් ධුරය සඳහා මීළඟ පාප්වරයා තෝරාගැනීමේ නිල ක්‍රියාවලිය හෙවත් Conclave මැයි මස 07 වනදා පැවැත්වෙන බව වතිකානය නිවේදනය කර තිබේ.

මෙවර පාප්වරණය සඳහා සුදුසුකම් ලබා ඇති කාදිනල්වරුන්ගේ ගණන 135කි.

ඒ අනුව,

  • කාදිනල්වරු 53ක් යුරෝපයෙන්,
  • 23ක් ආසියාවෙන්,
  • 20ක් උතුරු ඇමරිකාවෙන්,
  • 18ක් අප්‍රිකාවෙන්,
  • 17ක් දකුණු ඇමරිකාවෙන්,
  • සහ ඕෂනියාවෙන් කාදිනල්වරු 4ක් පාප්වරණයට සුදුසුකම් ලබා ඇත.

ලොව පුරා රටවල් 71ක් නියෝජනය කරමින් මෙම කාදිනල්වරුන් Conclave සඳහා සහභාගි වේ. වතිකාන නීති අනුව, ඡන්දය භාවිත කිරීම සඳහා කාදිනල්වරුන්ගේ වයස අවුරුදු 80ට අඩු විය යුතුය.

වතිකානයේ සිස්ටීන් දෙව් මැදුර තුළ පැවැත්වෙන මෙම ඡන්ද විමසීම සැලකෙන්නේ පෘථිවියේ වඩාත්ම රහසිගත ඡන්ද විමසීම ලෙසයි. අද (28) සිට සිස්ටීන් දෙව් මැඳුර බාහිර ලෝකයෙන් වසා දැමීමට කටයුතු කර ඇත.

ඡන්දය භාවිත කරන කාදිනල්වරුන් රතු ලෝගුවෙන් සැරසී සිස්ටීන් දෙව් මැදුර වෙත පිවිසෙති. පාප්වරයා තේරූ පසු, ඡන්ද පත්‍රිකා ගිනි තබා විනාශ කරන අතර, එම ගිනිසිලාවෙන් පිටවන දුමාරය මගින් බාහිර ලෝකයට සංඥාව ලබාදේ.

  • සුදු දුමාරය පිටවුවහොත් නව පාප්වරයෙකු තේරී පත්වී ඇති බවයි.
  • තේරී පත්වීම සඳහා තුනෙන් දෙකක් කාදිනල්වරුන්ගේ සහාය අවශ්‍ය වේ.

1800 දශකයේ සිට පැවැත්මත් මෙම සම්ප්‍රදාය, පාප්වරණයේ රහස්‍යභාවය රැකීම හා දේශපාලන බලපෑම් වලින් ආරක්ෂාව යටතේ පල්ලිය තබා ගැනීම සඳහා පිළිපැදෙයි.

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

world-news

ජෙරුසලම් වෙඩි ප්‍රහාරයෙන් පුද්ගලයින් හය දෙනෙකු මරුට

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම් නගරයේ රාමෝද් ප්‍රදේශයේදී තුවක්කුකරුවන් දෙදෙනෙකු සිදුකළ වෙඩි ප්‍රහාරයකින් පුද්ගලයින් හය දෙනෙකු මියගොස් තිබේ.

මෙහිදී තවත් 12 දෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

බස් රථයකට නැගීමට සිටි ජනතාව ඉලක්ක කර ගනිමින් සිදුකළ මෙම ප්‍රහාරයට පසුව ආරක්ෂක අංශ වෙඩික්කරුවන් දෙදෙනාට ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

කෙසේවෙතත්, ප්‍රහාරය සිදුකළේ කුමන කණ්ඩායමක් ද යන්න මෙතෙක් අනාවරණ වී නොමැත.

සිද්ධියෙන් පසු ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙංජමි නෙතන්යාහුද සිද්ධි ස්ථානයට ගොස් තිබේ.

Continue Reading

world-news

ජෙරුසලමේ වෙඩි තැබීමක්.. පුද්ගලයින් සිව් දෙනෙකු මරුට ..

Published

on

By

ඊශ්‍රායලයේ ජෙරුසලම රාමොට් හන්දියේ පිවිසුමේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 15 දෙනෙකු තුවාල ලබා ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

මුල් වාර්තා අනුව අවම වශයෙන් තුවක්කුකරුවන් දෙදෙනෙකු මෙම වෙඩි තැබීමට සම්බන්ධ වී ඇති බව සඳහන්ය.

මෙම වෙඩි තැබීමෙන් මේ වන විට පිරිමි පුද්ගලයින් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔවුන්ගේ වයස් අවුරුදු 30 සිට 50 අතර බව විදෙස් මාධ්‍ය තවදුරටත් වාර්තා කළේය.

අමතරව, තුවාල ලැබූවන්ද ප්‍රාදේශීය රෝහල් වෙත ඇතුළත් කර ඇති බවද සඳහන් වේ.


Continue Reading

world-news

ඇෆ්ගනිස්තානයේ භූකම්පනයෙන් දැවැන්ත විනාශ…

Published

on

By

ඇෆ්ගනිස්තානයේ නැගෙනහිර කූනාර් පළාතේ ඊයේ (01) රික්ටර් මාපකයේ 6.0 තත්ත්වයෙන් භූකම්පනයක් සිදු වී ඇති අතර එමඟින් දැවැන්ත හානි සිදුවී ඇත.

බලපෑමට ලක්වූ ප්‍රදේශවල මාර්ග අවහිර වීම නිසා ගලවා ගැනීම් මෙහෙයුම් ගුවන් මගින් පමණක් සිදුකළ හැකි වී ඇති බව දැනගන්නට ඇත. ගොඩනැගිලි කඩා වැටීම් හේතුවෙන් සුන්බුන් අතර සිරවී සිටින අය තවමත් ගලවා ගැනීමේ කටයුතු සිදුවෙමින් පවතී.

කිලෝමීටර් 8ක ගැඹුරකින් ඇතිවූ මෙම භූකම්පනයෙන් කාබුල් සහ පාකිස්තානයේ ඉස්ලාමාබාද් නගරය ද සෙලවී ගොස් තිබුණි.

ජාත්‍යන්තර සංවිධාන සහ විවිධ රටවල් මේ වන විට සහන සලසා දෙන අතර එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් උණුසුම් ආහාර සහ බ්ලැන්කට් ලබාදීමට තීරණය කර තිබේ. ඉන්දියාව, එක්සත් රාජධානිය සහ ස්විට්සර්ලන්තය ඇතුළු රටවල්ද ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

ඇෆ්ගනිස්තානය භූකම්පනවලට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩි වන්නේ එරට ඉන්දියානු සහ යුරේසියානු භූ තැටි හමුවන ස්ථානයක පිහිටා ඇති බැවිනි. 2023 සහ 2022 වසරවලද එරට සිදු වූ භූකම්පනවලින් දහස් ගණන් මරණ සහ තුවාල වාර්තා වී තිබුණි.

Continue Reading

ප්‍රවණතාවන්