56 views 0 secs 0 comments

කැනඩාවේ වැන්කුවර් මෝටර් රථ අනතුරෙන් මියගිය සංඛ්‍යාව 11 දක්වා ඉහළට….

In world-news
April 28, 2025

කැනඩාවේ වැන්කුවර් ප්‍රදේශයේ ජනතාව රැස්ව සිටි උත්සව අවස්ථාවක් අතරට මෝටර් රථයක් කඩා වැදීමෙන් සිදුවූ අනතුරෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 11 දක්වා ඉහළ ගොස් තිබේ.

කැනඩාවේ වෙසෙන පිලීපින ප්‍රජාව විසින් සංවිධානය කර තිබූ උත්සවයක් අතරතුර මෙම අනතුර සිදුවී ඇත.

අදාළ මෝටර් රථය ජනතාව අතරට ධාවනය කළ 30 හැවිරිදි පුද්ගලයෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර ත්‍රස්තවාදී ක්‍රියාවක් නොවන බව පොලිසිය පවසයි.

විදෙස් මාධ්‍ය වාර්තා අනුව, සිද්ධියෙන් තවත් පිරිසක් තුවාල ලබා ඇති අතර, මෙම අනතුර සිදුව තිබෙන්නේ 26 වන සෙනසුරාදා එරට වෙලාවෙන් රාත්‍රී 8ට පමණය.