242 views 0 secs 0 comments

සූමා සිරගත කිරීම නිසා විරෝධතා රැල්ලක්….

In World News
July 14, 2021

දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති ජේකොබ් සූමා ව සිරගත කිරීමට එරෙහිව එරට පුරා විරෝධතා රැල්ලක් පැතිරයමින් පවතින අතර ඒ හේතුවෙන් මේවන විට 70කට අධික පිරිසක් මරණයට පත්ව ඇතිබව විදෙස් මාධ්‍ය පැවසීය.

විරෝධතා අතරතුර සමහර පුද්ගලයින් රජයේ සහ පෞද්ගලික ගොඩනැගිලිවලට ගිනි තබමින් විනාශකාරී ලෙස හැසිරෙන අයුරු දැක්වෙන වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ සංසරණය වේ.

මේ අතර ඩර්බන් නගරයේ ගිනිගනිමින් තිබූ ගොඩනැගිල්ලක සිට කුඩා දරුවෙක් ව තම මව විසින් පහළ සිටින පිරිසට අල්ලා ගැනීම සඳහා විසිකරන ආකාරය දැක්වෙන වීඩියෝවක් ද සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වෙයි.