77 views 2 secs 0 comments

2025 මාර්තු කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රු. බිලියන 18.47 ක අලාභයක්…

In Local News
May 16, 2025

2025 මාර්තු 31 වනදා අවසන් වූ මූල්‍ය කාර්තුව සඳහා ලංකා විදුලිබල මණ්ඩලය රුපියල් බිලියන 18.47ක අලාභයක් වාර්තා කර ඇති බව මණ්ඩලයේ නවතම මූල්‍ය වාර්තාව පෙන්වා දෙයි.

මෙය විශේෂ තත්ත්වයක් ලෙස සැලකෙන්නේ, 2024 දෙසැම්බර් කාර්තුව දක්වා අඛණ්ඩව කාර්තු පහක් පුරා ලාභ ලබාගෙන සිටි පසුබිමක මෙලෙස අලාභයකට පත්වීමයි.

2024 මාර්තු කාර්තුවේ දී රුපියල් බිලියන 84.67ක ලාභයක් වාර්තා කර තිබූ අතර, එය සැසඳීමේදී 121.8%ක ලාභදායීත්වයක් පහළ යාමක් වේ.

එමෙන්ම මූල්‍ය වාර්තාවේ දැක්වෙන පරිදි, මණ්ඩලයේ ආදායමද දැඩි ලෙස පහළ ගොස් ඇති අතර, එය රු. බිලියන 167.78 සිට රු. බිලියන 93.92 දක්වා 44%කින් අඩුවී තිබේ.

2024 වසර ළන්ක Eලෙcට්‍රිcඉට්ය් ඹොඅර්ඩ් (ළ්Eඹ්) සදහා විශේෂ වර්ෂයකි. එම වසර තුළ කාර්තු හතරම ලාභ සහිතව අවසන් කළ මණ්ඩලය, ඉතිහාසයේ වැඩිම වාර්තාගත වාර්ෂික ලාභය වන රු. බිලියන 144ක ලාභයක් වාර්තා කිරීමටද සමත් විය.

කෙසේවෙතත්, 2025 මාර්තු කාර්තුවේදී මෙලෙස අලාභයකට මුහුණදීම මණ්ඩලය මූල්‍යමය අභියෝගයකට මුහුණ දෙන නව අදියරකට පිවිසෙන බව සඳහන් කරයි.