19 views 0 secs 0 comments

අධික වර්ෂාපතන අනතුරු ඇඟවීමේ නිවේදනය යාවත්කාලීන කරයි

In Local News
October 27, 2025

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවතින අධික වර්ෂාපතන හමුවේ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය අද (27) පස්වරු 4:00 සිට හෙට (28) පස්වරු 4:00 දක්වා යාවත්කාලීන කළ බව සඳහන් කරයි.

දෙවන මට්ටමේ නිවේදනය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස:

ගාල්ල: නාගොඩ, ඇල්පිටිය, බද්දේගම
මහනුවර: යටිනුවර
කෑගල්ල: කෑගල්ල, මාවනැල්ල, යටියන්තොට, අරණායක, දෙහිඹ්විට, රඹුක්කන
රත්නපුර: කලවාන, ඇහැළියගොඩ, රත්නපුර

පළමු මට්ටමේ නිවේදනය ක්‍රියාත්මක වන දිස්ත්‍රික්ක සහ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස:

කොළඹ: සීතාවක, පාදුක්ක
ගාල්ල: නෙළුව, යක්කලමුල්ල
කළුතර: ඉංගිරිය, වලල්ලාවිට, හොරණ
මහනුවර: දෙල්තොට, දොළුව, උඩුනුවර, උඩපලාත, පාතදුම්බර, පාතහේවාහැට, ගග ඉහල කෝරළය, පස්බාගෙ කෝරළය, උඩුදුම්බර
කෑගල්ල: රුවන්වැල්ල, වරකාපොල, බුලත්කොහුපිටිය, ගලිගමුව
කුරුණෑගල: රිදීගම, අලව්ව, නාරම්මල, මල්ලවපිටිය
මාතලේ: රත්තොට, යටවත්ත, උකුවෙල, පල්ලෙපොල, ලග්ගල, නාඋල, අඹන්ගඟ කෝරළය
මාතර: වැලිපිටිය
නුවරඑළිය: අඹගමුව, හගුරන්කෙත, වලපනේ
රත්නපුර: ඉඹුල්පෙ, කිරිඇල්ල, කුරුවිට, අයගම, පැල්මඩුල්ල