175 views 0 secs 0 comments

ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය – සහල් මෝල් හිමියන්

In Local News
January 06, 2022

පොළොන්නරුව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියන් පවසන අන්දමට පොහොර ගැටලුව හේතුවෙන් ඉදිරියේදී සහල් කිලෝවක මිල රුපියල් 300 ක් දක්වා වුවද ඉහළ යා හැකිය.
ලබන මාසයේ අවසන් වන විට රට තුළ සහල් හිඟයක් ඇති විය හැකි බව එක්සත් සහල් නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති මුදිත් පෙරේරා සඳහන් කළේය. රජය වී කිලෝවක් සඳහා රුපියල් 75 ක් ලබාදෙන බවට ප්‍රකාශ කළත් මේ වන විටත් වෙළදපොළ තුළ වී කිලෝවක් අලෙවි වන්නේ රුපියල් 95 කට බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.