
මෑතක සිට දිවයිනේ විවිධ ප්‍රදේශවලින් වාර්තා වන ගෘහස්ථ ගෑස් අනතුරු පිළිබඳ සොයාබලා එයට විසඳුම් ඉදිරිපත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කර තිබේ. ජනාධිපතිවරයා පෙන්වා දී ඇත්තේ ගෘහස්ථ, වෙළෙඳ හා විකුණුම් මධ්‍යස්ථානවල ගෑස් (LPG) සිලින්ඩර් ආශ්‍රිත ගිනිගැනීම්, පුපුරායාම් හා ඒ සඳහා හේතු සාධක සොයාබලා අදාළ විසඳුම් ඉදිරිපත් කරන ලෙසය. දැනට ඇති අධ්‍යනයන් හා විවිධ අදහස් විමර්ශනය කර, සති දෙකක් ඇතුළත වාර්තාව තමා වෙත ලබාදෙන ලෙස ජනාධිපතිවරයා කමිටුවට උපදෙස් දී තිබේ.