මෙරට රත්‍රං මිල ඊයේ (13) දිනයට සාපේක්ෂව රුපියල් 20,000කින් ඉහළ ගොස් ඇති බව වෙළෙඳපොළ දත්ත අනාවරණය කරයි.
ඒ අනුව අද (14) පෙරවරුවේ කොළඹ හෙට්ටිවීදිය රන් වෙළෙඳපොළේ “කැරට් 22” රන් පවුමක මිල රු. 337,000ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඊයේ එම මිල රු. 319,000ක් ලෙස සටහන් වී තිබුණි.
තවත් වාර්තා පෙන්වන්නේ “කැරට් 24” රන් පවුමක මිල ඊයේ රු. 345,000ක් ලෙස පැවති අතර, අද වනවිට එය රු. 365,000ක් දක්වා ඉහළ ගොස් ඇති බවය.