කොළඹ ජාතික රෝහලේ එම්.ආර්.අයි ස්කෑන් යන්ත්‍ර තුනක් මේ වනවිට අක්‍රීය වී ඇති බව රජයේ විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ සංගමය පවසයි.
සංගම සභාපති චානක ධර්මවික්‍රම මහතා පැවසුවේ, මේ වන විට රෝහලේ එක් එම්.ආර්.අයි යන්ත්‍රයක් පමණක් ක්‍රියාත්මක මට්ටමේ පවතින බවයි.
ඒ අනුව රෝගී සත්කාරක සේවාවලට දැඩි බලපෑම් එල්ල වී ඇති බවත්, මහනුවර රෝහලට වසරකට පෙර මිලදී ගත් වකුගඩු ගල් කුඩු කිරීමේ යන්ත්‍රය මෙතෙක් භාවිතයට නොගෙන ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.