අලුත්කඩේ මහෙස්ත්‍රාත් අධිකරණයේ විත්ති කූඩුවක් තුළ සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ චෝදනා එල්ල වූ ඉෂාරා සෙව්වන්දි ඇතුළු පුද්ගලයින් 5 දෙනෙකු නේපාලයේදී අත්අඩංගුවට ගෙන ඇත.
ඉෂාරා සෙව්වන්දි (25) නම් එම කාන්තාව, වෙඩි තැබීමේ අපරාධය සිදුකරන ලද පුද්ගලයාට ආධාර අනුබල ලබාදුන් බවට චෝදනා එල්ල වී තිබේ.
පසුගිය පෙබරවාරි 19 වනදා අලුත්කඩේ අංක 05 මහෙස්ත්‍රාත් අධිකරණය තුළදී සංවිධානාත්මක අපරාධකරු ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කරන ලදී.