157 views 0 secs 0 comments

හදිසි තත්වය වහාම ඉවත් කරන්නැයි නීතිඥ සංගමයෙන් ඉල්ලීමක් …

In Uncategorized
July 18, 2022

වැඩබලන ජනපති රනිල් වික්‍රමසිංහ විසින් ශ්‍රී ලංකාවේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කරමින් නිකුත් කළ ගැසට් නිවේදනය ඉවත් කර ගන්නා ලෙස ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉල්ලීමක් කරනවා.

ජනාධිපති ධුරයට අනුප්‍රාප්තිකයෙකු තෝරා පත් කර ගැනීමට පාර්ලිමේන්තුවට දින තුනකට පෙර නවතම හදිසි නීතිය ප්‍රකාශයට පත් කර ඇති ඔවුන් පෙන්වා දෙන අතර ඒ අනුව පාර්ලිමේන්තුවේ ජනාධිපති නිලවරණය පැවැත්වීමට නියමිතව ඇති මොහොතක, ජනාධිපතිවරයා තෝරා පත් කර ගැනීම පිළිබඳ නීත්‍යානුකූල අදහස් ප්‍රකාශ කිරීම යටපත් කිරීමට හෝ යම් විසම්මුතියක් යටපත් කිරීමට හෝ හදිසි නීති රෙගුලාසි යොදා නොගත යුතු බව ශ්‍රී ලංකා නීතිඥ සංගමය අවධාරණය කර සිටියා.

මේ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනය පහතින්