160 views 0 secs 0 comments

පාස්කු ප්‍රහාරයේ අවසන් වාර්තාව පාර්ලිමේන්තුවට

In Uncategorized
February 22, 2022

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව සාක්ෂි ද ඇතුළුව පාර්ලිමේන්තුවට භාරදී තිබෙනවා.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේ, අද (22) පෙරවරුවේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා විසින් ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා වෙත පිළිගැන්වූ බවයි.
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ අවසන් වාර්තාව 2021 අප්‍රේල් 8 වැනි දින පාර්ලිමේන්තුවේ සභාගත කළ අතර නීතිමය හේතූන් මත ඊට අදාළ සාක්ෂි මෙතෙක් නිකුත් කර නොමැති බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.
ජනාධිපති විමර්ශන කොමිසමේ නිගමනවලට අදාළ ලිපිගොනු මහජනතාවට දැනුම් දිය යුතු බැවින් ඒ පිළිබඳ වැඩිදුර යොමු කිරීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි පාර්ලිමේන්තුවට භාරදීමට සිදුවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.