223 views 0 secs 0 comments

ඉන්ධන මිලෙහි යම් වෙනසක් සිදු විය හැකියි – අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ….

In Local News
February 22, 2022

අද පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ සඳහන් කර සිටියේ ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවයි.

යුක්‍රේනය හා රුසියාව අතර ඇති වී තිබෙන යුද තත්ත්වය හා සමගාමීව ලෝක වෙළෙඳපොළෙත් විශාල වශයෙන් තෙල් මිල ඉහළ යෑමක් සිදුව ඇති බවත් එතුමා එහිදී සඳහන් කල අතර ඉන්ධන මිලේ යම් වෙනසක් සිදුවිය හැකි බවත් මේ වන විට ඒ සම්බන්ධයෙන් තීන්දුවක් ගෙන නොමැති බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.