
රුපියල් බිලියන 13.7ක තැන්පතු නීතිවිරෝධී ලෙස භාරගැනීම, අයථා පරිහරණය සහ මුදල් විශුද්ධිකරණය යන චෝදනාවලට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවටගෙන අධිකරණයට ඉදිරිපත් කළ ETI සහ ස්වර්ණමහල් ආයතනවල හිටපු අධ්‍යක්ෂවරුන්ට ඇප නියම කර තිබේ.
නාලක එදිරිසිංහ, ජීවක එදිරිසිංහ, අංජලී එදිරිසිංහ සහ අසංක එදිරිසිංහ යන මහත්ම මහත්මීන් අද සවස කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කෙරිණි.
ඒ අනුව රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 2ක් මත ඔවුන්ව මුදා හැරීමට මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.
සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කළ අතර ඔවුන්ගේ විදෙස්ගමන් බලපත්‍ර අධිකරණයට භාරදෙන ලෙස හා සති 2කට වරක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට වාර්තා කරන ලෙසද අධිකරණය නියෝග කළේය.