
බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු සහ උතුරු පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ ඇතැයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 100 ඉක්මවන තද වැසි ද ඇති විය හැකි බවත්, අනෙකුත් ප්‍රදේශවල පස්වරු 1න් පසුව තද වැසි ඇතිවනු ඇතැයිද සඳහන් කරයි.
නැගෙනහිර දිසාවේ පහළ වායුගෝලයේ පවතින කැලඹිලි ස්වභාවය තවදුරටත් පැවතින අතර, එය ඉදිරි පැය 24 තුළ අඩු පීඩන කලාපයක් ලෙස වර්ධනය විය හැකි බවද අනාවරණය වේ.
එම අඩු පීඩන තත්ත්වයේ බලපැම හේතුවෙන් දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙයි.