
තාප විදුලි බලාගාර රැසක ඉන්ධන අවසන් වෙමින් පවතින හෙයින් විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස විදුලි බල මණ්ඩල මාධ්‍ය ප්‍රකාශක ඇන්ඩෲ නවමුණි මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිඅය.
ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 149ක් එක් කරන කැලණිතිස්ස බලාගාරයේ ඩීසල් සීඝ්‍රයෙන් පහළ යමින් ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. එමෙන්ම කොළොන්නාව , මතුගම සහ තුල්හිරිය ඇතුළු විදුලි බලාගාර රැසකට මෙතෙක් ඉන්ධන ලබා දීමට නොහැකි තත්ත්වයක් මතුව ඇති බව විදුලි බල මණ්ඩලය පෙන්වා දෙයි.
මේ අතර , අදත් පැය 03 කට අධික කාලයක් විදුලිය විසන්ධි කිරිමට මහජන උපයෝගිතා කොමිසම අවසර ලබා දුන්නේ ය.