
අද (9) දින පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත විය.
පුද්ගලික දත්ත සුරැකීමේ පනත් කෙටුම්පත ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
එය දෙවන වර කියවීම සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල කියා සිටියේ පනතට විපක්ෂය විරුද්ධ බවයි.