168 views 0 secs 0 comments

“යුවාන් වැන්ග් 5” පැමිණීම කල් දමන ලෙස ඉල්ලීමක්…

In Local News
August 07, 2022

ආන්දෝලනයට ලක්ව ඇති ‘යුවාන් වැන්ග් 5’ චීන පර්යේෂණ නෞකාව එළඹෙන 11 වැනිදා හම්බන්තොට වරායට ළඟා වීමට නියමිතව තිබූ අතර එහි පැමිණිම කල් දමන ලෙස චීනයෙන් ඉල්ලීමක් කර ඇතැයි විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කළේ ය.

රාජ්‍යයන් දෙක අතර ඒ පිළිබඳව වැඩිදුරටත් සාකච්ඡා කිරීමේ අරමුණින් එම ඉල්ලීම කර ඇති බවත්, එම ඉල්ලීම චීනයේ බලයට වඩා අසල්වැසි ඉන්දියාවේ ආරක්ෂාවට ගරු කිරීමක් බවත් ඉන්දියාවේ හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පත ඊයේ (06) වාර්තා කර තිබුණා.