
හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (02) ප්‍රකාශයක් ලබාගැනිමට නියමිතව තිබේ. ඒ අධිකරණය දුන් නියෝගයට අනුව, ව්‍යාජ හියුමන් ඉමියුනොග්ලොබියුලීන් ගනුදෙනුව සම්බන්ධයෙනි.
මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය අද පෙරවරු 9.00 ට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන්නැයි අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඊයේ නියෝග කළා ය.