204 views 0 secs 0 comments

විදුලිය, වරාය හා ඛනිජ තෙල් වෘත්තීය සමිති ඊයේ ස්ථාන කිහිපයකදී විරෝධතාවල නිරතවිය.

In Local News
November 04, 2021

ජාතික සම්පත් විකිණීමට එරෙහි තෙල්, වරාය හා විදුලිය ඒකාබද්ධ සන්ධානය ලෙස මෙම විරෝධතා පැවැත්විණ.
ඒ විදුලි බල මණ්ඩලයේ ප්‍රධාන කාර්යාලය, වරාය පිවිසුම් දොරටුව, කොලොන්නාව හා සපුගස්කන්ද තෙල් ගබඩා සංකීර්ණ ඉදිරිපිටදීයි. ඔවුන්ගේ ඉල්ලීම වූයේ යුගදනවි බලාගාරයේ 40% ක් සහ මෙරට LNG සැපයුම ඇමරිකාවේ නිව් ෆෝට්‍රෙස් සමාගමට විකිණීම ඇතුළු ජාතික සම්පත් විදේශිකයින් අතට පත්කිරීම වහා නවතා දැමිය යුතු බවයි.
ලංකා විදුලිබල මණ්ඩලයේ ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ ලේකම්, රංජන් ජයලාල් කියා සිටියේ, මෙම විරෝධය පසු මහ පාරේ දැවැන්ත අරගලය අරඹන බවයි.