Connect with us

Entertainment

ලොව මිත්‍රශීලී රටවල් 10 අතරට ලංකාව නම් කෙරේ.

Published

on

2022 පාඨක තේරීම් සම්මාන උළෙලේ ප්‍රතිඵල මත පදනම්ව ශ්‍රී ලංකාව ලෝකයේ 9 වැනි මිත්‍රශීලීම රට ලෙස ලැයිස්තුගත කර ඇත.

ලෝකයේ මිත්‍රශීලී රටවල් ලෙස:

  1. ප්‍රංශ පොලිනීසියාව
  2. කොලොම්බියාව
  3. නවසීලන්තය
  4. තායිලන්තය
  5. කොස්ටාරිකාව
  6. බොට්ස්වානා
  7. පේරු
  8. බෙලීස්
  9. ශ්‍රී ලංකාව
  10. පිලිපීනය

Continue Reading
Click to comment

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Entertainment

ෂෙනුක් විජේසිංහ ගේ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනපති එක් වෙයි..

Published

on

By

ෂෙනුක් විජේසිංහ මහතා විසින් සෞන්දරී ඩේවිඩ් රොඩ්‍රිගෝ සහ නෙරංජන් ද සිල්වා යන මහත්ම මහත්මීන් සමඟ එක්ව ඉදිරිපත් කළ ‘My Tribute’ ප්‍රසංගය නැරඹීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය ඊයේ (19) පස්වරුවේ එක් වූහ.
කොළඹ ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී පැවැත්වුණ ‘My Tribute’ ප්‍රසංගය සඳහා ක්‍රිස්ටෝ ප්‍රින්ස් මහතා ඩ්‍රම්ස් වාදනයෙන් ද ,නදිනි ඔලෙගසෙග්‍රෙම් මහත්මිය සහ හේමාල් කුරුවිටාරච්චි මහතා ආරාධිත ශිල්පීන් ලෙසද සහභාගි වූ අතර සෝල් සවුන්ඩ්ස් ඇකඩමියෙහි ගායනා කණ්ඩායමේ සහාය ගායනයෙන් මෙම ප්‍රසංගය රසවත් විය.
ෂෙනුක් විජේසිංහ මහතා වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලෙන් සිය මූලික අධ්‍යාපනය ලබා ඇති අතර ලන්ඩනයේ ස්ටැෆර්ඩ්ෂයර් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර ව්‍යාපාර කළමනාකරණය පිළිබඳ උපාධිධාරියෙකු ද වේ. කුඩා අවදියේදීම පියානෝ වාදන පුහුණුව ආරම්භ කළ ඔහු වයස අවුරුදු 5දී ගායන පුහුණුව ආරම්භ කර ඇති අතර සෞන්දරී ඩේවිඩ් රොද්‍රිගෝ මහත්මිය සහ චි හෝ මැක් මහතා යටතේ ලන්ඩනයේ ගායනය පිළිබඳ රාජකීය පාසලෙන් අධ්‍යාපනය හදාරා ඇත.
ෂෙනුක් විජේසිංහ මහතා ගායනය, වාදනය සහ රංගනය යන ක්ෂේත්‍රයන්හි විවිධ දස්කම් දක්වා ඇති අතර දේශිය මෙන්ම ජාත්‍යන්තර වශයෙන්ද ඇගයීම් රැසකට පාත්‍ර වී ඇත.
දෙස් විදෙස් රසිකයින් රැසක් මෙම ප්‍රසංගය නැරඹීමට එක්ව සිටියහ.

Continue Reading

Entertainment

WhatsApp හි නවතම විශේෂාංග…

Published

on

By

Meta ආයතනය විසින් WhatsApp පරිශීලකයින්ට ඡන්ද විමසීම් සඳහා වැඩිදියුණු කිරීම් (Polls), සිරස්තල සහිත මාධ්‍ය ඉදිරියට යැවීම (forwarding media with captions) සහ සිරස්තල සහිත ලේඛන බෙදා ගැනීමයි (sharing documents with caption) යන නව විශේෂාංග 3ක් හඳුන්වාදී තිබේ.
.
මෙම නව යාවත්කාලීන කිරීම් (update) ගෝලීය වශයෙන් නිකුත් වෙමින් පවතින අතර යෙදුමේ නවතම අනුවාදය ස්ථාපනය කර සියලුම පරිශීලකයින් වෙත නිකුත් කරනු ඇත.

කෙසේ වුවද මෙම විශේෂාංග සෑම කෙනෙකුටම ලබා ගැනීමට යම් කාලයක්ගත විය හැකි බව විදෙස් මාධ්‍ය පවසයි.

Continue Reading

Entertainment

රාමසාන් අදයි….

Published

on

By

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් මහත් හරසරින් සමරන රාමසාන් දිනය අදට (22) යෙදී තිබෙනවා.

ලෝකවාසී ඉස්‌ලාම් බැතිමතුන් විසින් සමානාත්මතාවයේ දිනය හෙවත් ඊදුල් ෆිතර් උත්සවය සමරන අතර රාමසාන් උත්සවය ශ්‍රී ලංකාවාසී ඉස්ලාම් බැතිමතුන් විසින් හරසරින් සමරනු ලබයි.

Continue Reading

ප්‍රවණතාවන්