197 views 0 secs 0 comments

මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට

In Local News
October 07, 2022

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් මිනුවන්ගොඩ ත්‍රිපුද්ගල ඝාතනයේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මේ වන විට සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සංඛ්‍යාව 6 ක් බවයි.
මිනුවන්ගොඩ ගමන්ගෙදර ප්‍රදේශයේ නිවසකට ගිනි අවි රැගෙන පැමිණි පුද්ගලයන් පිරිසක් ඊයේ සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු මියගියා.
මීට වසර තුන හතරකට පෙරදී සරුංගල් සිද්ධියක් මුල් කරගෙන මෙම වෙඩි තැබීම සිදුව ඇති බවට සැකකරන බවයි පොලීසිය සඳහන් කළේ.