
කොවිඩ් -19 මර්දනය සඳහා ඉන්දියාවේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා කොවිෂීල්ඩ් එන්නත හෙට (28) මෙරටට රැගෙන ඒමට නියමිත අතර ගුවන්තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී.ඒ චන්ද්‍රසිරි මහතා පැවසුවේ එන්නත් රැගත් ගුවන් යානය හෙට පෙරවරු 11.00 ට මෙරටට පැමිණීමට නියමිත බවය. එය ඉන්දිය රජය විසින් පරිත්‍යාගයක් ලෙස මෙරටට ලබාදෙන බව සඳහන් ය.
එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය විසින් සොයා ගන්නා ලද මෙම එන්නත ඉන්දියාවේ මුම්බායි හි පිහිටි ඖෂධ නිෂ්පාදන කර්මාන්තශාලාවක් තුළ නිෂ්පාදනය කරනු ලබයි. කිලෝග්‍රෑම් 1,323ක් බරැති මෙම එන්නත් තොගය ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුළ මෙරටට රැගෙන ඒමට නියමිතය.