
අනුරාධපුර දිස්ත්‍රික් සංවර්ධන සභාව අමතමින් ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ,රට වෙනුවෙන් සියලුදෙනා ඒකරාශී කර ගැනීම තම අරමුණ බවයි.
වැඩකළ නොහැකි සියලුදෙනාට රාජ්‍ය සේවයෙන් ඉවත් වන ලෙස තමා දැනුම් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසනවා.
ජනපති වැඩිදුරටත් සඳහන් කළේ බිම් මට්ටමේ සිටින රාජ්‍ය නිලධාරීන් තමන්ගේ ග්‍රාම නිලධාරි කොට්ඨාසවල සංවර්ධනයට සහ ජනතා අවශ්‍යතා ඉටු කිරීමට කැපවිය යුතු බව අවධාරණය කළ යුතු බවත් කිසිවෙකුට නිකරුනේ කන්න දීමට රජය සූදානම් නැති බවත්, වැඩකළ නොහැකි සියලුදෙනාට ඉවත්ව යන ලෙස තමා දැනුම් දෙන බවයි.