175 views 0 secs 0 comments

පාකිස්තානයේ ප්‍රබල උද්ඝෝෂණ මාලාවක්…

In World News
December 07, 2022

විදුලිය ඇනහිටීම් සහ තිරිඟු හිඟයට එරෙහිව පාකිස්තානයේ ආණ්ඩු විරෝධී ප්‍රබල උද්ඝෝෂණ මාලාවක් ආරම්භවී තිබෙන බව විදෙස් මාධ්ය ප්‍රකාශ කර සිටියා.

ජනතාවට පැය 22ක් තරම් දිගු කාලයක් විදුලි කප්පාදුවකින් පීඩා විඳීන්නට සිදුවී ඇති අතර විරෝධතාකරුවන් පන්දම් රැගෙන රජයට එරෙහි සටන් පාඨ කියමින් විරෝධතාවයේ නිරතවී සිටින බවත්, පාකිස්තාන රජයට එරෙහි දේශපාලනඥයින් හා සමාජ ක්‍රියාකාරීන් රැසක් ද විරෝධතා සඳහා ජනතාව සමග එක්වී සිටින බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

රජය සිය බලය භාවිත කරමින් ජනතාවට පීඩා පමුණුවන බවට විරෝධතාකරුවන් චෝදනා කර සිටියා.