
අමෙරිකානු විපක්ෂ බලවේග, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට නියමිත දිනට පෙර ධුරයෙන් ඉවත් වන ලෙස දැඩි ඉල්ලීම් සිදුකර තිබේ. ඊයේ (07) කැපිටල් ගොඩනැල්ලේ ඇති වු සිද්ධියෙන් පසු ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා එල්ල වී ඇති බව වාර්තා වේ.
එරට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථවේ 25 වන සංශෝධනයට අනුව උප ජනාධිපතිවරයා සහ කැබිනට් මණ්ඩලයේ 08 දෙනෙකුගේ ඉල්ලීමකින් ජනාධිපතිවරයා ඉවත් කිරිමේ හැකියාව පවතී. කථානායිකා නැන්සි ෆෙලොසි ප්‍රකාශ කර ඇත්තේ, ට්‍රම්ප් ඉවත් නොවන්නේ නම් ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන බවය.
කෙසේ වුවද ඊයේ (07) දිනයේ ට්‍රම්ප් පරිපාලනයේ නිලධාරින් කිහිපදෙනෙකු ද ඉල්ලා අස් වී ඇතු බව වාර්තා වේ.