
ගත වූ පැය 24ක කාලය තුළ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැළඳ ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකු අත් අඩංගුවට ගෙන ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක් කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී තිදෙනනෙකු කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදිතයන් බවට හඳුනාගෙන තිබේ.
තවත් පුද්ගලයින් 157 දෙනෙකු PCR පරික්ෂණ සඳහා යොමු කර ඇති අතර එම ප්‍රතිපල ලැබීමට නියමිත බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ.
පසුගිය අඟහරුවාදා සිට බස්නාහිර පළාතේ පොදු ස්ථානවල මුහුණු ආවරණ නොපැලඳ ගැවසුණු පුද්ගලයින් 1022 දෙනෙකු PCR සහ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා යොමු කර ඇති අතර එහිදී 19 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ.