
ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් රාජ්‍ය නිලධාරීන් දැඩි අර්බුදයකට මුහුණ පා සිටින බව සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමය පවසයි.සංවර්ධන නිලධාරීන්ගේ සේවා සංගමයේ ප්‍රධාන ලේකම් චන්දන සූරියආරච්චි මහතා සඳහන් කළේ, අමතර දීමනා නොලැබෙන රාජ්‍ය නිලධාරීන් මෙම තත්ත්වයෙන් පීඩාවට පත්වන බවයි. මෙම තත්ත්වයට කඩිනම් විසඳුමක් ලබාදීමට රජය පියවර ගත යුතු බවයි ඔහු සඳහන් කළේ.