29 views 0 secs 0 comments

අද සිට රථ වාහන නීතිය දැඩිව ක්‍රියාත්මක වෙයි….

In Local News
September 08, 2025

රථ වාහන නීතිය අද (08) සිට දැඩිව ක්‍රියාත්මක කරන බව ප්‍රවාහන අමාත්‍යාංශය පවසයි.

ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන මහතා සඳහන් කළේ, ඒ සඳහා දිවයින පුරා පොලිස් නිලධාරීන් යොදවා රථ වාහන පරීක්ෂා කිරීමට නියමිත බවයි.

මෙම පරීක්ෂණවලදී ධාවනයට නුසුදුසු තත්ත්වයේ වාහන, වර්ණ වෙනස් කළ වාහන, විවිධ වර්ණ සහිත අමතර පහන් සවිකර ධාවනය කරන වාහන, එමඟින් නීතිවිරෝධී ලෙස ඉදිරිපස, පිටුපස සහ බඳෙහි චිත්‍ර මෝස්තර හෝ වෙළඳ දැන්වීම් දර්ශනය කරන වාහන සොයාබැලීමට නියමිතය.

ඉන් අමතරව, ඝෝෂාකාරී නලා සහ අධික ශබ්දය ඇති සයිලන්සර් සවිකර ඇති වාහන සම්බන්ධයෙන් ද නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට උපදෙස් ලබාදී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් අවධාරණය කළේය.