129 views 0 secs 0 comments

වියළි කාලගුණය හමුවේ අඛණ්ඩ ජල සැපයුමට බාධා

In Local News
March 10, 2024

පවතින වියළි කාලගුණය හමුවේ දෛනික ජල ඉල්ලුම ඉහළ යෑම හේතුවෙන්, අඛණ්ඩ ජල සැපයුමට බාධා මතුව ඇතැයි, ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.

ඇතැම් ප්‍රදේශෙවලට අඩු පීඩනයක් යටතේ ජලය ලබා දීම හෝ සීමා කිරීමට සිදුව ඇති බව ජාතික ජල සම්පාදන හා ජල පවාහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංවර්ධන, අනෝජා කලුආරච්චි මහත්මිය සඳහන් කර සිටි අතර ඒ සම්බන්ධයෙන් පැමිණිලි ඉදිරිපත් කිරීම සඳහා දුරකතන අංකයක් ද හඳුන්වා දී තිබෙනවා.

1939 ඒ දුරකතන අංකය වේ.

මේ අතර අඹතලේ සහ බියගම ජලපොම්පාගාරවලට ලවණ ඇතුල්වීම වළක්වා ගැනීමට ඉදි කල තාවතකාලික ලවණ බාධකය මේවන විට ඉදිකර අවසන් බව ඇය වැඩිදුරටත් සඳහන් කළා ය.