Connect with us

Local News

ජල බිල්පත් ගෙවීම 15%කින් පහලට…

Published

on

ජල බිල්පත් ගෙවීම 15% කින් පමණ පහළ ගොස් ඇති අතර මේ වන විට බිල්පත්වලින් අයවිය යුතු හිඟ මුදල රුපියල් බිලියන 12 ක් පමණ වන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරී පියල් පද්මනාත ගජධීරආරච්චි සඳහන් කර සිටියා.

තම ජල බිල කඩිනමින් ගෙවීමෙන් අනවශ්‍ය විසන්ධි කිරීම් වළක්වා ගත හැකි බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

Local News

ජාතික සම්මාන හා ගෞරව නාම අවභාවිතය නැවැත්වීමට කඩිනම් පියවර..

Published

on

By

නිසි අවසරයකින් තොරව ජාතික සම්මාන සහ ගෞරව නාම ලබාදීමට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී ඇත. සුදුසුකම් සහිත ශ්‍රී ලාංකිකයන් වෙත ජනාධිපතිවරයා විසින් ප්‍රදානය කරනු ලබන සම්මානවලට සමාන නාම යොදාගනිමින් විවිධ පුද්ගලයන් සහ සංවිධාන මගින් වැරදි ලෙස සම්මාන හා ගෞරව නාම ප්‍රදානය කරන අවස්ථා නිරීක්ෂණය වී ඇති බව ජනාධිපති ලේකම්වරයා සඳහන් කළේය. මේ හේතුවෙන් සැබෑ ගෞරවයට පාත්‍ර වූ පුද්ගලයන්ට සිදුවන බරපතළ අසාධාරණය සහ අගෞරවය වැළැක්වීම සඳහා මෙම අවභාවිතය කඩිනමින් නැවැත්විය යුතු බව ද සමන් ඒකානායක මහතා අවධාරණය කළේය.

Continue Reading

Local News

රිචඩ් වෙර්මා හා ජනපති අතර හමුවක්…

Published

on

By

ඇමරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කළමනාකරණ සහ සම්පත් පිළිබඳ නියෝජ්‍ය රාජ්‍ය ලේකම් රිචඩ් වෙර්මා (Richard Verma) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් අද (23) ජනාධිපති කාර්යාලයේදී සිදුවිය.

Continue Reading

Local News

ගංගාරාම විහාරස්ථාන 45 වන නවම් මහා පෙරහර වීථි සංචාරයේ…

Published

on

By

කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 45 වන වරටත් අද (23) රාත්‍රීයේ වීථි සංචාරය කෙරුණු අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව තැන්පත් කර පෙරහර සමාරම්භය සනිටුහන් කළේය.

Continue Reading

ප්‍රවණතාවන්