183 views 0 secs 0 comments

මිරිහානේ කලබලෙන් 45ක් අත්අඩංගුවට…

In Local News
April 01, 2022

ඊයේ (31) රාත්‍රීයේ නුගේගොඩ, මිරිහාන පැගිරිවත්ත ප්‍රදේශයේ විරෝධතාවයේ නිරත වූ පුද්ගලයින් 45 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර ඒ අතර කාන්තාවක ද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තල්දූව මහතා සඳහන් කර සිටියා.

මෙම කලහාරී තතය හේතුවෙන් පොලිස් හා හමුදා බස්රථ 2 ක්, ජීප් රථයක් , ත්‍රිරෝද රථයක් සහ යතුරු පැදි දෙකකට අලාභහානි සිදුව ඇති බව වාර්තා වන අතර, පොලිස් නිලධාරින් 5 දෙනෙකු තුවාල ලබා ඇතැයි නිහාල් තල්දූව මහතා සඳහන් කළේ ය.

මෙම සිද්ධිය හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොළඹ ප්‍රදේශ කිහිපයකට ඇඳිරි නීතිය පැන වූ අතර අද (01) උදෑසන 5 වන විට එය ඉවත් කිරීමට කටයුතු කෙරුණි. කෙසේ වුවද මේ වන විට නුගේගොඩ මහරගම 119 මාර්ගය වසා දමා තිබෙන අතර එම මාර්ගයේ පදිංචිකරුවන් හැර අනෙකුත් පුද්ගලයින්ට එම මාර්ගයේ ගමන් කළ නොහැකි බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු ප්‍රකාශ කර සිටියා.