
අද (16) පෙරවරුවේ දෙවන දිනටත් ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන ප්‍රකාශයක් ලබාදීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබෙනවා.
ඊයේ (15) පෙරවරුවේ මුල්වරට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර, එහිදී පැය අටකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාගෙන තිබුණා.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සිරිල් ගාමිණි පියතුමන් විසින් සිදුකළ බව කියන ප්‍රකාශයකට අදාළව රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ, මේජර් ජෙනරාල් සුරේෂ් සලේ සිදුකළ පැමිණිල්ලකට අනුව ආචාර්ය සිරිල් ගාමිණි පියතුමන්ගෙන් මෙලෙස ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිතයි.