
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සමඟ පාර්ලිමේන්තුවේ ඇතිවූ විවාදාත්මක තත්ත්වයක් හේතුවෙන් විනාඩි 5 ක කාලයක් සඳහා පාර්ලිමේන්තුව කල් තැබීමට කථානායකවරයා කටයුතු කළා.
සභාවේ කටයුතුවලට බාධා වන අන්දමින් හැසිරීම හේතුවෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සභා ගර්භයෙන් ඉවත් කිරීමට කථානායකවරයා තීන්දු කළා.