152 views 0 secs 0 comments

මාලදිවයින් දූපත් අවට බලපෑ භූ කම්පනය…

In World News
December 29, 2023

අද (29) අලුයම මාලදිවයින් දූපත්වලට ඔබ්බෙන් ඉන්දියන් සාගරය තුළ භූ කම්පන දෙකක් වාර්තා වී ඇති බව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය පවසනවා.

ඉන් එක් කම්පනයක් රික්ටර් පරිමාණයේ 4.8ක් ලෙසත් දෙවන කම්පනය 5.8ක් ලෙසත් වාර්තා වී ඇති බවයි ජ්‍යේෂ්ඨ භූ කම්පන විද්‍යාඥ නිල්මිණි තල්දෙන සඳහන් කර සිටි අතර ඉන් ශ්‍රී ලංකාවට බලපෑමක් නොමැති බවයි ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියා.